හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්, නීතිඥ රඛිත රාජපක්ෂ මහතා සහ හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ ඔවුන්ට එරෙහි චෝදනා පිළිබඳ විස්තර මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අල්ලස් කොමිසම විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
















