සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ විභාග වූ නඩුවේ අවසන් තීන්දුව අද (25) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර ඇත්තේ, 2019 පෙබරවාරි 10 වැනිදා හෝ ඒ ආසන්න දිනයකදී බණ්ඩාරවෙල බස් නැවතුම්පොළ අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ඇතිවූ ගැටුම්කාරී සිද්ධියක් සම්බන්ධයෙනි. දීර්ඝ කාලයක් විභාග වූ මෙම නඩුවේ තීරණාත්මක තීන්දුව අද බදුල්ල මහාධිකරණය විසින් ලබා දෙනු ඇත.
















