වෙනිසියුලාවේ අගනුවර වන කැරකස් ආසන්නයේ අද (25) පෙරවරුවේ හටගත් ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූමිකම්පාව නිසා විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, හානියට පත් ප්‍රදේශවල ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුව තිබේ. මෙම භූ කම්පනයේ බලපෑම අසල්වැසි කොලොම්බියාවට ද ප්‍රබල ලෙස දැනී ඇත. මේ වන විටත් බලපෑමට ලක්වූ ප්‍රදේශවල සහන කටයුතු ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව වාර්තා වේ.
















