වයස අවුරුදු 15ක දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 32ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය අද (25) තීරණය කළේය.
නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා පත්‍රයට අනුව පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසු අදාළ පුද්ගලයා වරදකරු බවට තහවුරු විය. මීට අමතරව, වින්දිත දැරියට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ගෙවන ලෙසත්, අධිකරණය විසින් රුපියල් 70,000ක දඩ මුදලක් ගෙවන ලෙසත් වරදකරුට නියෝග කර ඇත.
අධිකරණය හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි සහ තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව ලබා දී තිබේ.
















