ඊයේ දිනට සාපේක්ෂව අද (25) දිනයේදීත් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව, වාණිජ බැංකු කිහිපයකම අමෙරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 341.00 දක්වා ඉහළ ගොස් ඇත.
සෙලාන් බැංකුවේ දත්තවලට අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 330.75ක් සහ විකුණුම් අනුපාතය රුපියල් 341.00ක් ලෙස වාර්තා වේ. එසේම, NDB බැංකුව ඇතුළු අනෙකුත් වාණිජ බැංකුවල ද විනිමය අනුපාතයන් මේ වන විට ඉහළ අගයක පවතී.
විනිමය වෙළෙඳපොළ තුළ ඩොලරයේ මෙම ඉහළ යාම රුපියලේ අගය කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කර ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
















