සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ දීර්ඝ කාලයක් පුරා විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් දමා තිබේ.
අද (25) දිනයේ එම නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නමුත්, බදුල්ල මහාධිකරණ විනිසුරුවරයා විසින් එය එළඹෙන ජූලි මස 28 වැනිදා දක්වා තවදුරටත් කල් තැබීමට තීරණය කරන ලදී.
බදුල්ල මහාධිකරණයේදී අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය.
















