• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුඩා තේ වතු ක්ෂේත්‍රයේ නව පිබිදීමක් වසර 7කට පසු තේ පරීක්ෂක සහ ව්‍යාප්ති නිලධාරීන් 25ක් බඳවා ගනී

25 June 2026
in දේශීය, පුවත්
කුඩා තේ වතු ක්ෂේත්‍රයේ නව පිබිදීමක්  වසර 7කට පසු  තේ පරීක්ෂක සහ ව්‍යාප්ති  නිලධාරීන් 25ක් බඳවා ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට තේ ක්ෂේත්‍රයේ ජාතික ඉලක්ක සපුරාලීමට සහ කුඩා තේ වතු කර්මාන්තය වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට වසර 7ක කාලයකට පසුව නව නිලධාරීන් 25 දෙනෙකු බඳවා ගැනීම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සෘජු මඟපෙන්වීම යටතේ සිදු කෙරුණු මෙම බඳවා ගැනීම මෙරට කුඩා තේ වතු ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. 2019 වසරෙන් පසුව, එනම් වසර 7ක පමණ දීර්ඝ කාලයකින් පසු කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ පැවති පුරප්පාඩු විශාල ප්‍රමාණයක් එකවර සම්පූර්ණ කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
මෙම බඳවා ගැනීම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විනිවිදභාවයකින් යුතුව, කිසිදු දේශපාලන බලපෑමකින් තොරව, සම්මුඛ පරීක්ෂණවලින් ඉහළම ලකුණු ලැබූ සුදුසුකම්ලත් පුද්ගලයින් සඳහා පමණක් ලබාදීම විශේෂත්වයකි. මෙම නවක නිලධාරීන් ගාල්ල, මාතර, රත්නපුර, මහනුවර, නුවරඑළිය, ඌව සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවල සේවා කටයුතු ශක්තිමත් කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත.
පත්වීම් ප්‍රදානෝත්සවය අමතමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කළේ, නව නිලධාරීන්ගේ පැමිණීම තේ කර්මාන්තයේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වන බවයි. රාජ්‍ය සේවයේ වගකීම පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, කාර්යාලීය පුටුවලට පමණක් සීමා නොවී, ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලුවලට සංවේදීව විසඳුම් ලබා දෙන ක්‍රියාශීලී නිලධාරී පිරිසකගේ අවශ්‍යතාව රටට පවතින බව පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවය යනු මහජන සේවය පෙරදැරි කරගත් ක්ෂේත්‍රයක් බවත්, රටේ නව සංවර්ධන ගමන වෙනුවෙන් උපරිම කැපවීමකින් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පුරප්පාඩුව පවතින ඉතිරි තේ පරීක්ෂක සහ ව්‍යාප්ති නිලධාරීන් ද ඉතා කඩිනමින් බඳවා ගනිමින් රජයේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි. මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

අතීතයේ සිදුවූ අභිරහස් ඝාතන සහ අපරාධවලට යුක්තිය ඉටුකිරීම රජයේ වගකීමක්

Next Post

සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරිගේ නඩු තීන්දුව කල් යයි

Editor TTV News

Editor TTV News

Next Post
සමගි ජන බලවේගයේ මන්ත්‍රී  චමින්ද විජේසිරිගේ  නඩු තීන්දුව කල් යයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරිගේ නඩු තීන්දුව කල් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved