ඩෙංගු රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන ඉහළ යාමක් රට තුළ වාර්තා වීමත් සමඟ පවතින තත්ත්වය උග්‍ර අතට හැරී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ඩෙංගු මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 5,000කට ආසන්න සංඛ්‍යාවකට මේ වන විට නඩු පවරා ඇති බව එම සංගමය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියේ, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉදිරියටත් වැටලීම් සහ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
සෞඛ්‍ය අංශවල උපදෙස් නොතකා කටයුතු කරන මෙවැනි පිරිස් හේතුවෙන් රටම සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇති බවත්, මදුරු බෝවන පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා අවධාරණය කළේය.
















