පොසොන් පුන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය සහ මිහින්තලේ වන්දනාවේ යන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මෙම මස 29 වන දිනට යෙදී ඇති පොසොන් පොහොය දිනය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලේ බලා ගමන් කරන බැතිමතුන්ගේ පහසුව උදෙසා දැනට ධාවනය වන දුම්රියන්ට අමතරව මෙම අතිරේක දුම්රිය ධාවනය සිදු කෙරේ. ඒ අනුව, පොසොන් වන්දනාවේ නිරත වන ජනතාවට බාධාවකින් තොරව ගමන් පහසුකම් සැලසීම සඳහා විශේෂ දුම්රිය කාලසටහනක් යටතේ මෙම සේවාවන් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
















