අල්ලස් ලබාගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධ්යක්ෂ අරුණ වර්ෂ විතාන යන තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැනවූ රඳවා ගැනීමේ නියෝගවලින් ඔහුව මුදාහැර, වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබාදී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීමට කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
අල්ලස් කොමිසම විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
















