චීනය සතු ගුවන් යානා ප්‍රවාහන නෞකා තුන අතුරින් නවතම සහ බලවත්ම නෞකාව වන ‘ෆූජියන්’ (Fujian) පසුගිය අඟහරුවාදා තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
චීනයෙන් එල්ල විය හැකි ආක්‍රමණශීලී ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීම අරමුණු කරගනිමින් තායිවානය දින පහක විශේෂ යුද අභ්‍යාසයක් ආරම්භ කර දිනකට පසුව චීනය මෙම පියවර ගැනීම විශේෂත්වයකි.
මෙම දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාව පසුගිය දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් සේවයට අනුයුක්ත කිරීමෙන් අනතුරුව, මෙලෙස සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ පළමු අවස්ථාව මෙය වේ.
තායිවානය තමන් සතු ස්වයං පාලන දූපතක් ලෙස හිමිකම් කියන චීනය, එය බීජිං පාලනය යටතට ගැනීම සඳහා බලය භාවිතා කිරීමේ හැකියාව ද බැහැර කර නැත. චීනය නිරන්තරයෙන්ම තායිවාන දේශසීමා දෙසට නාවික සහ ගුවන් යුද යානා යොමු කරමින් යුද අභ්‍යාස පවත්වන අතර, මෑත වසරවලදී එය දිනපතා සිදුවන තත්ත්වයකට පත්ව ඇත.
චීන හමුදා ආක්‍රමණයක් සිදුවුවහොත් ඊට මුහුණ දීම සඳහා තායිවානය පසුගිය සඳුදා ආරම්භ කළ සිය දින පහක යුද අභ්‍යාස මාලාව හරහා චීනයට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. මේ අතර, බලහත්කාරයෙන් තායිවානය යටත් කර ගැනීමට චීනය දරන උත්සාහයන් පාලනය කිරීම සඳහා ඇමෙරිකානු නාවික හමුදාව සහ ඔවුන්ගේ මිත්‍ර රටවල් ද මෙම සමුද්‍ර සන්ධිය හරහා සිය යුද නැව් වරින් වර යාත්‍රා කරවීමට පියවර ගනිමින් සිටියි.
















