ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර පේෂකර්ම ක්ෂේත්‍රය නගාසිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ මොරටුව විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කළ “The Art of Weaving” වැඩමුළුව සහ විලාසිතා දැක්ම අද (25) නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමය සුරකිමින් දේශීය නිර්මාණ සඳහා ගෝලීය වෙළෙඳපොළ තුළ ඉහළ වටිනාකමක් සහ අපනයන අවස්ථා ලබා ගැනීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කයයි.අත්යන්ත්‍ර පේෂකර්මය අභාවයට යන ක්ෂේත්‍රයක් ලෙස සැලකීම වැරදි බවත්, එය ලෝකයේ තිරසාර සහ ස්වාභාවික නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම මත පදනම් වූ “අනාගතයේ කර්මාන්තයක්” බවත් පෙන්වා දුන්නේය.ශ්‍රී ලංකාවටම ආවේණික රටා, වර්ණ සහ ශිල්පීය හැකියාවන් වෙනත් රටකට අනුකරණය කළ නොහැකි සැබෑ තරඟකාරී වාසියක් බවත්, එය හරහා විශාල විදේශ විනිමයක් රටට උපයා ගත හැකි බවත් ප්‍රකාශ කළේය.සාරිවලින් ඔබ්බට ගිය නිදහස් විලාසිතා (Casual Collection) සහ සුවපහසුව ඉලක්ක කරගත් විලාසිතා (Athleisure) සඳහා අවධානය යොමු කිරීමෙන් ගෝලීය වෙළෙඳපොළක් අත්පත් කරගත හැකි බව අවධාරණය කළේය.අත්යන්ත්‍ර ක්ෂේත්‍රයට සහාය දැක්වීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය, රෙදිපිළි දෙපාර්තමේන්තුව, ලක්සල සහ සළුසල වැනි ආයතන වඩාත් කාර්යක්ෂම ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට රජය පියවර ගන්නා බව අමාත්‍යවරයා සහතික කළේය.
මෙම දැවැන්ත කර්මාන්තයක් ලෙස වර්ධනය කිරීමට පෞද්ගලික අංශයේ ආයෝජකයින්ගේ දායකත්වය සහ නව ව්‍යාපාරික ආකෘති සකස් කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන්, මොරටුව විශ්වවිද්‍යාලයේ නියෝජිතයින්, ව්‍යවසායකයින් සහ ශිල්පීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















