කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා තෙල්දෙණිය ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මියගිය භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. වළාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වාර්තා කර ඇත්තේ අපරාධයේ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
















