ඇෆ්ගනිස්තානයේ වත්මන් තලේබාන් පාලනය විසින් එරට සියලුම රාජ්‍ය සේවකයින් සඳහා රාජකාරී වේලාව තුළ ස්මාර්ට්ෆෝන් භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තහනම එරට විනිසුරුවන්, ආරක්ෂක හමුදා සාමාජිකයින් සහ සියලුම සිවිල් ආයතනවල සේවය කරනු ලබන නිලධාරීන් සඳහා බලපැවැත්වේ. පසුගිය ජුනි 16 වනදා සිට මෙම නව නීතිය ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇති අතර, රාජ්‍ය සේවය තුළ විනය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
















