අපරාධකරුවන් පිළිබඳ විමර්ශනය කර, ඔවුන් අත්අඩංගුවට ගෙන, අධිකරණ පද්ධතිය හරහා දඬුවම් ලබා දීම රජයේ වගකීමක් බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. දේශපාලන සම්බන්ධකම් මත අපරාධකරුවන් ආරක්ෂා කරන හෝ ඝාතනයෙන් බේරා ගැනීම සඳහා කප්පම් ලබා ගන්නා පසුගිය යුගය අවසන් කළ යුතු බව ඒ මහතා සඳහන් කළේය.
එවැනි දේශපාලන ජාලයන්ට ඉඩ නොදී, රටේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත්, අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















