තමිල්නාඩු ප්‍රාන්තයේ රජයේ රෝහල්වල උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක් ලබාදීමේ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර තිබේ. මෙය තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ (තලපති විජේ) මහතා විසින් ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමකි. මෙම ‘තායිමාමන්’ ව්‍යාපෘතිය යටතේ රජයේ රෝහල්වල උපදින දරුවන් සංඛ්‍යාව මෙන්ම ඔවුන් පිරිමි හෝ ගැහැණු දරුවන් ද යන්න කිසිදු භේදයකින් තොරව සෑම දරුවෙකුටම ග්‍රෑම් එකක් බරැති රන් මුදුවක් හිමිවේ. මෙය තමිල්නාඩු රජය බලයට පත්ව දින 43 ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සුවිශේෂීත්වයකි.
මෙම සුභසාධන ව්‍යාපෘතිය සඳහා තමිල්නාඩු රජය විසින් වසරකට ඉන්දීය රුපියල් කෝටි 755.83 ක දැවැන්ත මුදලක් වැය කිරීමට තීරණය කර ඇත. බෙදාහැරීමේ පහසුව තකා මෙම රන් මුදු රජයේ රෝහල්වලම සුරක්ෂිතව ගබඩා කර තැබීමට කටයුතු යොදා තිබේ. මෙම ව්‍යාපෘතිය තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ ‘CM අන්නාදුරේ’ මහතාගේ උපන්දිනය යෙදෙන සැප්තැම්බර් 15 වනදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. කෙසේ නමුත් පසුගිය ජුනි 22 වැනිදාට යෙදුණු ප්‍රධාන අමාත්‍ය විජේ මහතාගේ උපන්දිනයේ සිට රජයේ රෝහල්වල උපත ලැබූ සියලුම දරුවන්ට මෙම රන් මුදු ව්‍යාපෘතියේ ප්‍රතිලාභ හිමිවන බව තමිල්නාඩු ප්‍රාන්ත රජය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ‘තායිමාමන්’ ව්‍යාපෘතිය තමිල්නාඩුවේ මව්වරුන්ට සහ දරුවන්ට සැලකිය යුතු සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම මෙය තමිල්නාඩු මහ ඇමති විජේ මහතාගේ ජනප්‍රියත්වය තවදුරටත් ඉහළ නැංවීමට හේතු වනු ඇතැයි ද සැලකේ.
















