ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටින්නේ, පාර්ලිමේන්තුව තුළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සහ විමර්ශන පිළිබඳව සාකච්ඡා කරමින් කාලය වැය නොකරන ලෙසයි.
රට තුළ ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, රජයේ වගකීම වන්නේ එම පීඩනයට කඩිනම් විසඳුම් සෙවීම බව ද ප්‍රකාශ කළේය. තමන් පලා යන්නන් නොවන බවත්, රජය විසින් ජනතාව බලාපොරොත්තු වන ආර්ථික විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















