මෙරට තුළ නව ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම සහ ක්‍රීඩකයන් දිරිමත් කිරීම සඳහා රජය උපරිම අයුරින් මැදිහත් වන බව සුනිල් කුමාර මහතා ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම 2024 සහ 2025 වර්ෂවල ජයග්‍රාහකයන් වෙනුවෙන් විශාල ත්‍යාග මුදල් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කර ඇති අතර, එහිදී එක් පැරාලිම්පික් ක්‍රීඩකයෙකු වෙනුවෙන් රුපියල් මිලියන 20කට වැඩි ත්‍යාග මුදලක් පිරිනැමූ බවද ඔහු සිහිපත් කළේය. ක්‍රීඩකයන්ට අවශ්‍ය සහය ලබා දෙමින් ඔවුන්ව ඉදිරියට ගෙන යාම සඳහා වන මෙම වැඩපිළිවෙළ හරහා රට තුළ සාධනීය ක්‍රීඩා පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















