රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යංශයට අදාළ නිරීක්ෂණ සහ ගණන් දීමේ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව නලින්ද ජයතිස්ස මහතා විසින් අද (26) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
පාර්ලිමේන්තු නීති රීතිවලට අනුකූලව සකස් කරන ලද මෙම වාර්තාව, වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා නැවතත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) වෙතම යොමු කළ යුතු බව නලින්ද ජයතිස්ස මහතා මෙහිදී යෝජනා කළේය.
















