පෞද්ගලික වතු හෝ ඉඩම් පාංශු ඛාදනය හේතුවෙන් අනතුරට ලක්ව ඇති අවස්ථාවලදී, ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහ ආරක්ෂිත බැමි ඉදිකිරීමට රජය මැදිහත් වන බව ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කරයි.
මෙම වැඩපිළිවෙළ යටතේ විශාල වශයෙන් හානියට පත්ව ඇති ඉඩම් සඳහා පාංශු සංරක්ෂණ දෙපාර්තමේන්තුව සෘජුවම මැදිහත් වී ආරක්ෂිත බැමි ඉදිකිරීමට කටයුතු කරනු ඇත. සුළු හානි පවතින ඉඩම් සඳහා අවශ්‍ය තාක්ෂණික අවසරය සහ සහාය ලබා දීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, පවතින නීති රීති අනුව හානි වූ ඉඩම් සඳහා වන්දි ගෙවීමේ හැකියාවක් දැනට නොමැති වුවද, අනාගතයේදී ඒ සඳහා ගත හැකි පියවර පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















