දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම මැඩලීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම, මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සහ පුනරුත්ථාපන කටයුතු පුළුල් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද “රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම මේ වන විටත් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා සිදුකරනු ලබන මෙම මෙහෙයුම්වල 2026.06.25 දිනට අදාළ දත්ත වාර්තාව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රකාශයට පත් කර ඇත. එම වාර්තාවට අනුව අදාළ දිනය තුළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 862කි. ඉන් 845ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකරන සැකකරුවන් 09 දෙනෙකු සහ නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ද ඊට ඇතුළත් වේ. මීට අමතරව පුද්ගලයින් 05 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් ලෙස හෙරොයින් කිලෝග්‍රෑම් 308ක් සහ ග්‍රෑම් 254ක්, අයිස් (ICE) කිලෝග්‍රෑම් 01ක්, ග්‍රෑම් 208ක් සහ මිලිග්‍රෑම් 347ක්, ගංජා කිලෝග්‍රෑම් 23ක්, ග්‍රෑම් 467ක් සහ මිලිග්‍රෑම් 196ක් (ගංජා පැල 117,601ක් සමඟ) අත්අඩංගුවට ගෙන ඇත. තවද කුෂ් (Kush) ග්‍රෑම් 218ක් සහ මිලිග්‍රෑම් 65ක්, හෂීෂ් (Hashish) ග්‍රෑම් 023ක් සහ මිලිග්‍රෑම් 902ක් ද මාවා සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් තොර රටක් ගොඩනැගීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙම ජාතික මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
















