ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් සංවිධානය කරනු ලැබූ දෙවන “Build Beyond” ඉංජිනේරු තාක්ෂණික සමුළුව පසුගියදා සාර්ථකව පැවැත්විණි. දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විද්වතුන්, සිවිල් හා ව්‍යුහාත්මක ඉංජිනේරු විශේෂඥයින් සහ වෘත්තිකයන් විශාල පිරිසක් මෙම සමුළුව සඳහා එක්ව සිටියහ.
මෙම සමුළුවේ ප්‍රධාන දේශනයන් ඉන්දියානු තාක්ෂණ ආයතනයේ (IIT) මහාචාර්ය ශෂාන්ක් බිෂ්නෝයි සහ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියන් මෙන්ඩිස් යන මහත්වරුන් විසින් පවත්වන ලදී. සිමෙන්ති හා කොන්ක්‍රීට් ක්ෂේත්‍රයේ ගෝලීය නවෝත්පාදන සහ තිරසාර ඉදිකිරීම් සඳහා ද්‍රව්‍ය විද්‍යාවේ ඇති දායකත්වය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
සමුළුවේ වඩාත් වැදගත් අවස්ථාව වූයේ “තිරසාර සහ ඔරොත්තු දෙන ඉදිකිරීම් අනාගතයක් ගොඩනැගීම” මැයෙන් පැවති ඉහළ පෙළේ මණ්ඩල සාකච්ඡාවයි. එය ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නිශ්ශංක විජේරත්න, CTBUH ශ්‍රී ලංකා සභාපති සහ හරිත ගොඩනැගිලි කවුන්සිලයේ උප සභාපති ඉංජිනේරු ශිරෝමල් ප්‍රනාන්දු, ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති ඉංජිනේරු ආනන්ද සෙනරත් සහ ලංකා ගොඩනැගිලි ආයතනයේ සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම සැසිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය කුෂාන් විජේසුන්දර මහතා විසින් මෙහෙයවනු ලැබීය. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්, පර්යේෂණ ආයතන සහ ඉංජිනේරු සිසුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සමුළුව ශාස්ත්‍රීය හා කර්මාන්ත ක්ෂේත්‍ර අතර සහයෝගීතාවය වර්ධනය කිරීම අරමුණු කරගෙන පැවැත්විණි.
















