පොසොන් උත්සවය සැමරීම වෙනුවෙන් ජුනි 26 වන දින සිට ජූලි 2 වන දින දක්වා කොළඹ මධ්‍යම කොට්ඨාශය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සහ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ. අනුරාධපුර අටමස්ථානය, මිහින්තලේ සහ තන්තිරිමලේ යන ඓතිහාසික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව, කොළඹ නගරයේත් දැවැන්ත පොසොන් කලාපයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
මෙම කාලසීමාව තුළ ජනතාවගේ ආරක්ෂාව සහ රථවාහන ගමනාගමනයේ පහසුව වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ මාර්ග සැලැස්මක් හඳුන්වා දී ඇත. පොසොන් කලාපය නැරඹීමට පැමිණෙන ජනතාවට සහ නගරයේ ගමන් ගන්නා රථවාහන සඳහා මෙම සැලැස්ම විශේෂයෙන් වැදගත් වේ.
පොලිසිය විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම රථවාහන සැලසුම මගින් රථවාහන තදබදය අවම කිරීම සහ වන්දනාමාන කටයුතු සඳහා පැමිණෙන බැතිමතුන්ට අවහිරයකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. රියැදුරන් සහ මගීන් මෙම කාලසීමාව තුළ විශේෂ මාර්ග සැලසුම් අනුගමනය කරන ලෙසත්, පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටී.
















