ආදායම් බදු පනත යටතේ මෙතෙක් නොගෙවා ඇති සියලුම හිඟ බදු මුදල් කිසිදු පොලියක් හෝ දඩ මුදලක් අය කිරීමකින් තොරව ගෙවා නිම කිරීම සඳහා මාස 6ක කාලයක් ලබා දී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අද (26) ප්‍රකාශ කළේය. රටේ පවතින ආර්ථික දුෂ්කරතා සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් මුහුණ දී ඇති අභියෝග සැලකිල්ලට ගනිමින් රජය විසින් මෙම නීතිමය ප්‍රතිපාදනය හඳුන්වා දී ඇත.
කෙසේ වෙතත්, මෙම සහන කාලය තුළ හිඟ බදු ගෙවා නිම නොකරන පුද්ගලයින් සඳහා දැඩි නීති ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඒ අනුව, බදු නොගෙවා පවතින සෑම මසකටම 1.8%ක පොලී මුදලක් සහ අමතර දඩ මුදලක් අය කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















