ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18ට වැඩි සමස්ත ජනගහනය මිලියන 17කට අධික ප්‍රමාණයක් වන අතර, ඉන් මිලියන 12කට වැඩි පිරිසකට මේ වන විට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය නිකුත් කර අවසන් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අද (26) ප්‍රකාශ කළේය. TIN අංකය ලබා ගැනීම වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයින් සඳහා අනිවාර්ය වන අතර, ඉතිරි සුළු පිරිසටද එය නිකුත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
කෙසේ වෙතත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම TIN අංක පුද්ගලයින් වෙත තැපෑලෙන් යොමු කර නොමැති වීම හේතුවෙන්, තමන්ට එම අංකය ලැබී ඇත්දැයි බොහෝ දෙනෙකු දැනුවත් නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ අනුව, බදු ගෙවන්නන් ලෙස ලියාපදිංචි වී ඇති බව බොහෝ දෙනෙකු නොදන්නා බැවින්, අදාළ තත්ත්වය පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවීම වැදගත් වේ.
















