නිල්වලා ලවණ බාධකය හේතුවෙන් වගා කටයුතු කරගත නොහැකිව පීඩාවට පත්ව සිටි ගොවීන් සඳහා අදාළ සියලුම වන්දි මුදල් මසක් වැනි කෙටි කාලයක් ඇතුළත ගෙවා අවසන් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි.
මීට අමතරව, පසුගිය කාලයේ ඇති වූ දිවා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ ගොවිබිම් සඳහා වන්දි ගෙවීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද සභාපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. රජය විසින් අදාළ ගොවි ජනතාවගේ ජීවනෝපාය යළි නගාසිටුවීම සඳහා මෙම වන්දි ගෙවීම් සිදු කරන ලදී.
















