2026 අයවැය ලේඛණය මගින් ලබා දුන් පොරොන්දුවක් ඉටු කරමින්, රාජ්‍ය දැව සංස්ථාවේ වසර ගණනාවක සිට අනියම් සහ දෛනික පදනම මත සේවය කළ සේවකයින් 103 දෙනෙකුට ස්ථිර රාජ්‍ය සේවයේ පත්වීම් ලබා දී තිබේ. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී පැවති උත්සවයකදී මෙම පත්වීම් පත්‍ර ප්‍රදානය සිදු විය.
මෙම පිරිස අතරට අනියම් සේවකයින් 57 දෙනෙකු සහ දෛනික සේවකයින් 46 දෙනෙකු අයත් වේ. ඔවුන් 2014 වර්ෂයේ සිට අඛණ්ඩව රාජ්‍ය දැව සංස්ථාව වෙනුවෙන් සිය සේවය ලබා දුන් සේවකයින් වේ. ස්ථිර පත්වීම් ලැබූ පිරිසට කළමනාකාරණ සහායකයින්, ප්‍රාථමික ශ්‍රේණියේ ශිල්පීය නොවන, අර්ධ ශිල්පීය සහ ශිල්පීය සේවකයින් අයත් වේ.
ඊට අමතරව, මෑතකදී පැවති සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් ක්ෂේත්‍ර සහායකයින් 11 දෙනෙකුට සහ නියෝජ්‍ය ප්‍රාදේශීය කළමනාකාරවරයෙකුට ද මෙහිදී ස්ථිර පත්වීම් හා උසස්වීම් හිමි විය. රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම සේවකයින්ගේ දායකත්වය අතිශය වැදගත් බවත්, දිගු කාලයක් පවතින සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම පියවර ගත් බවත් බලධාරීන් සඳහන් කළේය.
















