කාලයක් පුරා අසංවිධිතව ක්‍රියාත්මක වූ බදු අයකිරීමේ ක්‍රියාවලිය සංවිධිත කිරීමට රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සමාජය නොමග යවන අසත්‍ය තොරතුරු පතුරුවමින් සිටින බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව වැඩපිළිවෙළ පිළිබඳව එහිදී කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, බදු ක්‍රියාවලිය විධිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
















