මෙරට ආබාධ සහිත තරුණ තරුණියන් රැකියා අවස්ථා සඳහා ප්‍රවේශ වීමේදී මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීම සහ ඒ පිළිබඳ සමාජය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ‘චයිල්ඩ් ෆන් ශ්‍රී ලංකා’ (ChildFund Sri Lanka) ආයතනය විසින් ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ආබාධ සහිත තරුණ තරුණියන්ට සමාජයේ සහ රැකියා ක්ෂේත්‍රයේ සාධාරණ අවස්ථා ලබා දීම සඳහා පවතින බාධක ඉවත් කිරීමයි. මෙම වැඩසටහන පිළිබඳව ජනතාව සහ අදාළ පාර්ශ්ව දැනුවත් කිරීම සඳහා පසුගියදා කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් ද පවත්වා ඇත.
















