2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව රජයේ වැදගත් මූල්‍ය සහ කාර්ය සාධන වාර්තා කිහිපයක් අනුර කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ 2025 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව සහ 2027 වර්ෂය සඳහා වන මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලදී. ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ 2024 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තා අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කෙරිණි.
මීට අමතරව තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහ කොම්ට්‍රෝලර් ජෙනරාල් කාර්යාලයේ 2025 වර්ෂයට අදාළ කාර්ය සාධන වාර්තා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කිරීමට යෝජනා විය. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) මගින් නිකුත් කළ වාර්තාවල කරුණු පිළිබඳව ගත් ක්‍රියාමාර්ග සහ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක්ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.
අදාළ වාර්තා පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කර කටයුතු කරන ලෙස අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් යෝජනා කළේය.
















