මැදපෙරදිග කලාපයේ දැවැන්ත දේශපාලන හැරවුමක් සනිටුහන් කරමින්, ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ඊශ්‍රායලය සහ ලෙබනනය අතර විශේෂ සාම රාමුගත ගිවිසුමකට අත්සන් තබා තිබේ. මෙහි ඇති සුවිශේෂීම සහ අතිශය දුර්ලභ සිදුවීම වන්නේ, තම හමුදා බලඇණි දේශ සීමාවෙන් පසුපසට ගැනීමට ඊශ්‍රායලය පළමු වතාවට එකඟ වීමයි.
ඇමෙරිකාවේ දැඩි රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම මත මෙම ගිවිසුම අත්සන් තබා ඇති අතර, මෙය කලාපීය සාමයේ නව ආරම්භයක් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති. කෙසේ වෙතත්, දේශසීමාවේ බලය හොබවන හිස්බුල්ලා සංවිධානයේ ක්‍රියාකලාපය සහ මෙම හමුදා ඉවත් කරගැනීමේ එකඟතා භූමිය මත ක්‍රියාත්මක වන ආකාරය අනුව මෙහි සැබෑ සාර්ථකත්වය තීරණය වනු ඇත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















