යේමනයේ දකුණු දිග කලාපයේ පිහිටි අල් දාලි (Ad Dali) ප්‍රදේශයේ යළිත් වරක් දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිළී තිබේ. එහිදී හූති කැරලිකරුවන් විසින් රජයේ හිතවාදී සන්නද්ධ බලකායන් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කර ඇති අතර, එම ප්‍රහාරයට ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කරමින් එය සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ කිරීමට රජයේ හමුදාවන් සමත්ව ඇත.
දිගින් දිගටම සටන් ඇවිළෙන මෙම කලාපය හේතුවෙන් සමස්ත යේමනයම තවදුරටත් දැවැන්ත යුද පිටියක් බවට පත්ව තිබේ. දෙපාර්ශවය අතර පවතින මෙම දරුණු ගැටුම් හේතුවෙන් කලාපයේ සාමකාමී බව මුළුමනින්ම ගිලිහී ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
















