ඇමරිකාවේ මැදිහත් වීමෙන් ලෙබනනය සහ ඊශ්‍රායලය අතර අත්සන් කරන ලද නව එකඟතා ගිවිසුමට විරෝධය පළ කරමින් හිස්බුල්ලා (Hezbollah) සංවිධානයේ සහ ප්‍රතිරෝධී කණ්ඩායම්වල ආධාරකරුවන් ලෙබනනයේ බේරූට් (Beirut) අගනුවර වීදි බැස දැවැන්ත විරෝධතාවල නිරත වෙති. මෝටර් රථ සහ යතුරුපැදි පෙරහැරවල් (Motorcades) මගින් පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් ගිවිසුමට එරෙහිව හඬ නඟමින් විරෝධය පළ කරන බව ප්‍රසිද්ධ මාධ්‍යවේදී මාරියෝ නව්ෆල් (Mario Nawfal) විසින් නිකුත් කළ දර්ශනවල දැක්වෙයි.
මෙම නව ගිවිසුම මගින් හිස්බුල්ලා සංවිධානය සන්නද්ධ රහිත කිරීම, දකුණු ලෙබනනයේ ඇති ඔවුන්ගේ යුද යටිතල පහසුකම් ඉවත් කිරීම සහ ලෙබනන් රජයේ ස්වෛරීභාවය තහවුරු කිරීමෙන් පසු කොන්දේසි සහිතව ඊශ්‍රායල හමුදා ඉවත් කරගැනීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, හිස්බුල්ලා සංවිධානය මෙම එකඟතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අතර, ලෙබනන් ආරක්ෂක අංශ විසින් බේරූට් ගුවන් තොටුපළ දෙසට යන මාර්ග අවහිර කර තිබේ. මේ අතර, දකුණු ලෙබනනයේ ඇතැම් ප්‍රදේශවල ඊශ්‍රායල හමුදා තවදුරටත් රැඳී සිටීම හේතුවෙන් තත්ත්වය වඩාත් උණුසුම් වී ඇත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















