ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන සැකකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ඔවුන්ට තම නීතිඥවරුන් පුද්ගලිකව හමුවී සාකච්ඡා කිරීම සඳහා වෙනම ස්ථානයක් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) තුළ වහාම ස්ථාපිත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (26) නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත මෙම නියෝගය නිකුත් කර ඇති අතර, සැකකරුවන්ට තම නීතිඥ සහාය නිසි පරිදි ලබා ගැනීමට ඇති අයිතිය මෙයින් තහවුරු වන බව ද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
















