යුද්ධය නැවත ඇවිළුණහොත් ඇමරිකානු හමුදාවන්ට දැවැන්ත ජීවිත හානිවලට මුහුණ දීමට සිදුවන බවට ඉරානයේ උත්තරීතර නායකයාගේ යුද උපදේශක මොහ්සෙන් රෙසෙයි (Mohsen Rezaei) දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. සිකුරාදා දින එල්ල වූ ප්‍රහාරවලින් පසු තත්ත්වය තවදුරටත් උත්සන්න නොකරන ලෙස වොෂින්ටනයට දන්වමින් ඔහු කියා සිටියේ, “අපි මෙවර යුද පිටියට නව යුද ශක්තීන් හඳුන්වා දෙනවා. වැරදීමකින් හෝ සතුරා අතින් වරදක් වුණොත්, මීළඟ යුද්ධය පෙර පැවති යුද්ධ වගේ වෙන්නේ නැති බව ට්‍රම්ප් දැනගත යුතුයි” යනුවෙනි. ඉරානය සතු මෙම “නව යුද ශක්තීන්” මොනවාදැයි ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කර නොමැති අතර, එම අපැහැදිලි බව තුළින් ඇමරිකාවට දැඩි බලපෑමක් එල්ල කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















