රිදීමාලියද්ද, ලොග්ගල්ලා ඔය ජලාශයේ අනාරක්ෂිත ලෙස ඔරු දෙකක් බැඳ සකස් කළ පාරුවක් පෙරළීමෙන් මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මහනුවර සිට පැමිණි 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වැව් රක්ෂිතයේ පිහිටි සංචාරක ස්ථානයක උපන්දින සාදයක් පවත්වා, පසුව දිය නෑම සඳහා වැව මැද පිහිටි දූපතකට ගොස් ආපසු එන අතරතුර මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ පාරුවේ කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු 11 දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් ජීවිත ආරක්ෂක කබා (Life Jackets) පැළඳ නොසිටි 40 සහ 48 හැවිරිදි පුද්ගලයන් දෙදෙනා දියේ ගිලී අතුරුදන් විය. පොලීසිය සහ ගම්වාසීන් එක්ව සිදුකළ සෙවීම් මෙහෙයුමකින් පසු අද (29) උදෑසන ඔවුන්ගේ මෘත දේහයන් සොයාගෙන ඇති අතර, මහියංගණය වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මහියංගණ රෝහලට යොමු කර තිබේ.
















