ජනවාරි සිට මැයි දක්වා මාස 5ක කාලය තුළ මෙරට පොල් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 514ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. මෙය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 21ක (21%) සැලකිය යුතු වර්ධනයකි.
මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් නාවික මාර්ගවලට බාධා එල්ල වීම, නැව් ගාස්තු, රක්ෂණ වියදම් සහ ඉන්ධන මිල ඉහළ යාම වැනි දැඩි ගෝලීය අභියෝග මධ්‍යයේ මෙම සාර්ථකත්වය ලබා ගැනීම විශේෂත්වයකි. පොල් අස්වැන්න ඉහළ යාම මෙන්ම පොල් මද, පොල් ලෙලි සහ පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලෝක වෙළඳපොළේ ඇති ඉල්ලුම වැඩිවීම මීට ප්‍රධාන හේතු වී තිබේ. කෙසේ වෙතත්, ඩුබායි වෙළඳපොළ ඉලක්ක කරගත් මෙරට තැඹිලි අපනයනය පමණක් පවතින යුද වාතාවරණය හේතුවෙන් සියයට 33කින් (33%) පහත වැටී ඇති බව ද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
















