අද (29) පොසොන් පොහොය දිනය අවසන් වනවිට දිවයින පුරා පවත්වාගෙන ගිය දන්සල් 12,883කට අධික සංඛ්‍යාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ඇතුළු බලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ගේ අඩුපාඩු පැවති දන්සල් 146කට, එම අඩුපාඩු වහාම නිවැරදි කර නැවත පවත්වාගෙන යාමට මෙහිදී අවසර ලබා දී ඇත.
කෙසේ වෙතත්, පරීක්ෂා කරන ලද දන්සල් අතරින් දන්සල් 6ක් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. මිනිස් පරිභෝජනයට නුසුදුසු, ප්‍රමිතියෙන් තොරව සකස් කරන ලද සිසිල් බීම දන්සල් මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව වාර්තා වේ.
















