නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩිකොළ කිලෝග්‍රෑම් 625ක තොගයක් මීගමුව කලපු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. බටහිර නාවික විධානයට අයත් “ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි” ආයතනය ඊයේ (28) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී උර 17ක අසුරා තිබූ මෙම බීඩිකොළ තොගය සහ ඒවා ප්‍රවාහනය කළ ඩිංගි යාත්‍රාව සොයා ගැනීමට සමත්ව ඇත.
මෙම ජාවාරමට සම්බන්ධව නාවික හමුදා භාරයට ගත් සැකකරු මීගමුව පමුණුගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු, ඩිංගි යාත්‍රාව සහ බීඩිකොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.
















