පසුගිය පෙබරවාරි මාසයේදී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ (Ayatollah Ali Khamenei) රාජ්‍ය අවමංගල්‍ය උත්සවය මේ සිකුරාදා (ජූලි 4) ආරම්භ වීමට නියමිතය. ජූලි 9 වැනිදා දක්වා පුරා දින පහක් තිස්සේ ඉරානයේ ටෙහෙරාන්, කොම් (Qom) සහ මෂාද් (Mashhad) යන නගර කේන්ද්‍ර කරගනිමින් මෙම අවමංගල්‍ය චාරිත්‍ර පැවැත්වේ. ඉන් අනතුරුව දේහය ඉරාකයේ නජාෆ් (Najaf) සහ කර්බාලා (Karbala) යන ශුද්ධ වූ නගර වෙත ද රැගෙන යාමට නියමිත අතර, අවසන් භූමදාන කටයුතු මෂාද් හි පිහිටි ඉමාම් රේසා (Imam Reza) සිද්ධස්ථානයේදී සිදු කෙරේ.
මෙම අවමංගල්‍ය උත්සවය සඳහා ලොව පුරා විසිරී සිටින ෂියා මුස්ලිම් බැතිමතුන් ඇතුළු මිලියන 35කට අධික ජනකායක් සහභාගී වනු ඇතැයි ඉරාන බලධාරීන් ඇස්තමේන්තු කර ඇත. 1989 වසරේදී පැවැත්වුණු ඉරාන විප්ලවයේ නායක අයතුල්ලා කුමේනිගේ (Ayatollah Khomeini) අවමංගල්‍ය උත්සවය සඳහා ටෙහෙරාන් නුවරට පමණක් මිලියන 10.2ක ජනතාවක් පැමිණි අතර, එය ලෝක ඉතිහාසයේ විශාලතම අවමංගල්‍යය ලෙස ගිනස් වාර්තා පොතට ද එක් විය. බලධාරීන් පවසන්නේ මෙවර පැවැත්වෙන ඛමේනිගේ අවමංගල්‍යය එම වාර්තාව ද අභිබවා යනු ඇති බවයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















