ලොව පුරා බිලියන 3කට අධික වට්ස්ඇප් (WhatsApp) පරිශීලකයන් වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ සුවිශේෂී ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දීමට මෙටා (Meta) සමාගම සූදානම් වෙයි. ඒ අනුව, තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය (Phone Number) අන් අයට පෙනෙන්නට නොදී, පරිශීලක නාමයක් (Username) පමණක් භාවිත කරමින් අන් අය සමඟ සම්බන්ධ වීමේ හැකියාව වට්ස්ඇප් වෙත ලැබෙනු ඇත. මෙය අනිවාර්ය නොවන අතර, කැමති පුද්ගලයන්ට පමණක් අකුරු සහ සංකේත උපරිම 35කට යටත්ව තමන්ට ගැලපෙන Username එකක් වෙන් කරවා ගත හැකිය.
ප්‍රසිද්ධ දේශපාලනඥයන් හෝ ප්‍රසිද්ධ චරිතවල නම් භාවිත කරමින් ව්‍යාජ ගිණුම් සෑදීම වැළැක්වීමට ද මෙහිදී පියවර ගෙන ඇත. නව ගිණුමක් ඇරඹීමට දුරකථන අංකයක් අනිවාර්ය වුව ද, මෙම ක්‍රමය හරහා විශේෂයෙන්ම Group Chat වල සිටින නොදන්නා පුද්ගලයන්ගෙන් තමන්ගේ දුරකථන අංකය සඟවා තබා ගැනීමට හැකි වන බැවින් පරිශීලකයන්ට ඉහළ පෞද්ගලිකත්ව ආරක්ෂාවක් (Privacy) හිමිවන බව වට්ස්ඇප් නිෂ්පාදන ප්‍රධානී ඇලිස් නිව්ටන්-රෙක්ස් පවසයි.
















