වලස්ගල ශ්‍රී ජයවර්ධන මුචලින්දාරාම විහාරස්ථානයේ වාර්ෂික පොසොන් පෙරහැර ජූලි මස 01 වැනි දින පෙ.ව. 10.00 සිට වීථි සංචාරය කිරීමට නියමිත බැවින්, එම කාලසීමාව තුළ අදාළ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
මෙම පෙරහැර විහාරස්ථානයෙන් ආරම්භ වී වලස්ගල සිට බෙලිඅත්ත දෙසට ගමන් කර, කුමාරතුංග මාර්ගයේ උතුර විද්‍යාලය අසලින් ප්‍රධාන මාර්ගයට පිවිස මුස්ලිම් වීදිය හරහා පරණ බෙලිඅත්ත මාර්ගයේ ගමන් කිරීමට නියමිතය. ඒ අනුව, රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රියදුරන් වඩාත් සුදුසු විකල්ප මාර්ග භාවිත කරන ලෙස දන්වා සිටින අතර, පෙරහැර ගමන් ගන්නා මාර්ගවල රිය පැදවීමේදී රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව ඉවසීමෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















