දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනී ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී.
අධිකරණය විසින් ලබාදුන් ඇප කොන්දේසි
රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීම.
සැකකාරියගේ විදේශ ගමන් තහනම් කිරීම.
සැකකාරියගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දීම.
මීට අමතරව, ඇප මත මුදා හැරීමෙන් අනතුරුව නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකිරීමෙන් වළකින ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාරියට දැඩි අවවාදයක් ද සිදු කළේය.
















