දේවාශිර්වාදයෙන් සහ දිව්‍යමය බලයෙන් බරපතළ රෝග සුව කළ හැකි බව පවසමින් රට තුළ දැඩි සමාජ කතාබහකට ලක්වූ ප්‍රකට දේවගැතිවරයෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇති බව වාර්තා වේ. ඔහු සිය රෝගය සුව කර ගැනීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට විදෙස්ගත වී තිබේ.
මෙරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්, ජනප්‍රිය ක්‍රීඩකයන් මෙන්ම කලාකරුවන් රැසකගේ සමීප ඇසුරක් පවත්වන මෙම දේවගැතිවරයා, බොහෝ පිරිසකගේ ගෞරවාදරයට පාත්‍ර වූ අයෙකි. තමන් සතු දිව්‍යමය බලයෙන් අන් අයගේ රෝග සුව කරන බව ප්‍රකාශ කරමින් කටයුතු කළද, තමාට වැළඳුණු ඩෙංගු රෝගය සඳහා මෙරට වෛද්‍ය පද්ධතිය හෝ තමා පවසන දිව්‍යමය බලය භාවිත නොකර විදේශීය වෛද්‍ය ප්‍රතිකාර පැතීම සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇත.
මෙම හදිසි විදෙස්ගත වීම සම්බන්ධයෙන් ඔහුගේ අනුගාමිකයන් අතර මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළ ද විවිධ අදහස් පළවෙමින් පවතී. රට තුළ පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ දේවගැතිවරයා රෝගාතුර වීම සහ ප්‍රතිකාර සඳහා විදේශ රටක් තෝරා ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විසින් විවේචන ද එල්ල කරනු ලබයි.
















