කොළඹ අගරදගුරු මැඳුරේ ගොඩනැඟිල්ලක හටගත් ගින්න විදුලිය කාන්දුවීමක් නිසා සිදු වී ඇති බවට බොරැල්ල පොලිසිය සැක පළ කරයි.
පොලිසිය පවසන අන්දමට මෙම ගින්න හටගෙන ඇත්තේ ගොඩනැඟිල්ලේ තිබූ ගබඩා කාමරයකිනි. ගින්නෙන් බරපතළ හානියක් සිදුව ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රසපරීක්ෂකවරයා ද එම ස්ථානයට ගොස් විමර්ශන කටයුතු සිදු කර තිබේ.
ගින්න හටගත් අවස්ථාවේම වහා ක්‍රියාත්මක වූ කොළඹ ගිනිනිවන හමුදාව විසින් ගින්න තවදුරටත් පැතිර යාම වළක්වා එය මැඬපවත්වා ඇත.
















