රාජ්‍ය ආයතන මගින් සේවා සැපයීමේදී ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රමුඛතාව ලබා දීම සඳහා විශේෂ කාඩ්පතක් හඳුන්වා දීමට තීරණය කර තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සභාපතිත්වයෙන් අද (30) පැවති ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. මෙම වැඩසටහන කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුල් කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ආබාධිතභාවය පිළිබඳ දැනට සැලසුම් කර ඇති වර්ගීකරණය චක්‍රලේඛයක් ලෙස නිකුත් කිරීමට එකඟතාව පළ කර ඇත.
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් භාවිත කළ හැකි නිවැරදි පාරිභාෂික වචන මාලාවක් ප්‍රකාශනයක් ලෙස නිකුත් කිරීමට පියවර ගනු ඇත.
ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සපයන නිලධාරීන් ඇගයීම සඳහා වන නිර්ණායක සකස් කර අවසන් කිරීමට ද සභාව තීරණය කළේය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා ඇතුළු නිලධාරීන් සහ ජාතික සභාවේ සාමාජිකයෝ සහභාගී වූහ.
















