උපායමාර්ගිකව අතිශය වැදගත් මුහුදු තීරයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන නෞකාවලින් අනිවාර්ය බදු හෝ ගාස්තු අය කිරීමට පියවර ගතහොත් එය ජාත්‍යන්තර නීතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් වනු ඇති බව ජාත්‍යන්තර මුහුදු ගමන් සංවිධානයේ (IMO) ප්‍රධානී ආර්සෙනියෝ ඩොමින්ගස් (Arsenio Dominguez) පවසයි.
අනිවාර්ය බදු අය කිරීම වෙනුවට, මලක්කා සහ සිංගප්පූරු මුහුදු සන්ධිවල 2007 වසරේ සිට සාර්ථකව ක්‍රියාත්මක වන ආකාරයේ “ස්වේච්ඡා අරමුදල්” (Voluntary fund) ක්‍රමවේදයක් මීට ආදේශ කළ හැකි බව ඔහු යෝජනා කරයි. කෙසේ වෙතත්, කලාපයේ මුහුදු ආරක්ෂාව සහ පාලනය සියතට ගෙන සිටින ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව මෙවැනි ස්වේච්ඡා ක්‍රමවේදයකට එකඟ කරවා ගැනීම දැඩි අභියෝගයක් වනු ඇති බව විදේශීය දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















