පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ (FIFA World Cup) සුපිරි 32 වටයේ අද (01) පැවැති තීරණාත්මක තරගයකින් අයිවරි කෝස්ට් කණ්ඩායම ගෝල 2 – 1 ක් ලෙස පරාජය කිරීමට නෝර්වේ කණ්ඩායම සමත් විය. මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ නෝර්වේ කණ්ඩායම තරගාවලියේ මීළඟ වටය වන ‘සුපිරි 16 දෙනාගේ වටය’ (Round of 16) සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
තරගයේ 39 වැනි මිනිත්තුවේදී ඇන්ටෝනියෝ නූසා (Antonio Nusa) නෝර්වේ කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරමින් ඔවුන් පෙරමුණට රැගෙන ආවේය. කෙසේ වෙතත්, 74 වැනි මිනිත්තුවේදී අයිවරි කෝස්ට් කණ්ඩායමේ අමාඩ් ඩියලෝ (Amad Diallo) ගෝලයක් වාර්තා කරමින් තරගය 1 – 1 ක් ලෙස සම තත්ත්වයට පත් කිරීමට සමත් විය.
නමුත් තරගය නිමා වීමට ආසන්නව තිබියදී, එනම් 86 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ සුපිරි ක්‍රීඩක අර්ලින් හාර්ලන්ඩ් (Erling Haaland) නෝර්වේ කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී දෙවැනි ගෝලය වාර්තා කළේය.
මේ අතර තරගාවලියේ මීළඟ තරගය ලෙස ප්‍රංශය සහ ස්වීඩනය අතර පැවැත්වෙන තරගය අද අලුයම 2:30 ට ආරම්භ වීමට නියමිතය.
















