ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර් (Jared Kushner) අද කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර බලා පිටත්ව ගොස් තිබේ. එහිදී ඔහු කටාර් අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැදිහත්කරුවන් සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ට්‍රම්ප්ගේ පළමු පාලන සමයේ මැදපෙරදිග සාම ගිවිසුම්වලට (Abraham Accords) මඟ පෑදූ කුෂ්නර්, අරාබි නායකයන් සමඟ සමීප සබඳතා පවත්වන්නෙකි. කෙසේ වෙතත්, ඔහු ධුරයෙන් ඉවත් වූ පසු ආරම්භ කළ ව්‍යාපාරයට සෞදියෙන් ඩොලර් බිලියන 2ක් මෙන්ම කටාර් සහ එමීර් රාජ්‍යයෙන් ද විශාල ආයෝජන ලැබී ඇත.
මේ නිසා මෙම සංචාරය දේශපාලන මෙහෙයුමකට වඩා ඔහුගේ පෞද්ගලික ව්‍යාපාරික අවශ්‍යතාවක් බවට විචාරකයන් චෝදනා කරන නමුත්, කුෂ්නර් පවසන්නේ තමන් මෙම සාකච්ඡාවලට එක්වන්නේ පැරණි විශ්වාසවන්ත සබඳතා මත මිස පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා නොවන බවයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















