වී වලින් සහල් නිෂ්පාදනය කොට ප්‍රධාන ආහාරය වන බත්වලට අමතරව, වෙනත් නිෂ්පාදනයන් සඳහා ද සහල් යොදා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමුව ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනි. ඒ සඳහා පවතින සියලු බාධාවන් ඉවත් කොට, වෙළඳපොළ තරඟකාරීත්වය මඟින් ගොවියා සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ දීර්ඝකාලීන වැඩපිළිවෙළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
















